රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට වෛද්‍ය නිර්දේශ මත නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා පැවසුවේ ය.

මේ අතර දැනට බන්ධනාගාර රෝහලේ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඉල්ලීමක් කර නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය සිකුරාදා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *