යාපනය,පුත්තූර් ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට වෙඩි තබා, නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු අද(07) උදැසන අත්අඩංගුවට ගත් බව අච්චුවේලි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ පලෙයි ප්‍රදේශයේ සිට නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් නවත්වන ලෙසට පොලිස් නිළධාරීන් නියෝග කොට ඇති අතර, සැකකරුවන් පොලිස් අණ නොතකා ධාවනය කොට ඇති බවයි.

එහිදි ටිපර් රථය නවත්වා ගැනීමට ටිපර් රථයේ ටයර් වෙත වෙඩි තැබීම සිදුකොට ඇති අතර,ටිපර් රථය එහිදි පෙරළි ඇති බවත්, නීති විරෝධිව වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

නීති විරෝධි අයුරින් සිදුකරන වැලි ප්‍රවාහනය වැළැක්වීම වෙනුවෙන් පොලිසිය අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවද පොලිසිය පැවසීය.

යාපනය පලෙයි,පේදුරුතුඩුව,නෙල්ලිඅඩි ආදි ප්‍රදේශයන්හි නීති විරෝධි වැලි ජවාරම් සිදුකරන බවද ප්‍ර දේශවාසීන් පැවසූහ.

සැකකරුවන් හා අත්අඩංගුවට ගත් ටිපර් රථය යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *