ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) ඕස්ට්‍රේලියාවට පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා

ඒ පෙබරවාරි මස 9 වන දා සිට 10 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහායි

ඉන්දීය පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් අනුව සංචාරයට එක්වන ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳව ද සොයා බැලීමට නියමිත බවයි වැඩිදුරටත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *