මෙගා වොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹළාන්ඩුව බිම්ගත සූර්ය පැනළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් වූ විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම රිවිදනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ (08) සිදු කෙරුණා

මෙම ව්‍යපෘතිය සඳහා ලංසු කැඳවීම විදුලිබල මණ්ඩලය විසින් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස සිදු කරන ලැබූ අතර 2023 වර්ෂයේ තාක්ෂණික සහ මුල්‍ය කටයුතු අධ්‍යයනය කර 2023 වර්ෂයේ අවසන් අඩුම ලංසුව ඉදිරිපත් කරන ලද සමාගමට ප්‍රදානය කරනු ලැබුවා .

ඒ අනුව එම සමාගම මගින්ම එහි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් කිලෝ මීටර් 27.5ක් සංවර්ධනය කෙරෙනු ඇති

මෙම ව්‍යාපෘතියේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 132ක් පමණවන බවයි පැවසෙන්නේ

මෙම අවස්ථාවට විදුලිබලහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ද එක්ව සිටි බව සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *