විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අවශ්‍ය දත්ත සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකිරීම නිසා විදුලි ගාස්තු අඩු කිරීම දෙවැනි වරට කල්දැමීමට මහජන උපයෝගිතා කොමිසම ඊයේ (01) පියවර ගත්තා.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම වසරේ විදුලි සැපයුමට සම්බන්ධ වියදම් පිළිබඳ දත්තවල ගැටලු තව දුරටත් පැවතීම මෙම තත්වයට හේතුවයි.

මහජන උපයෝගිතා කොමිසම මීට පෙර ද විදුලිබල මණ්ඩලයට සම්පූර්ණ දත්ත යොමු කරන ලෙස දැනුම් දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *