අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් සංඛ්‍යාව හතක් දක්වා අඩු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක් කිරීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ

එමෙන්ම, කිසිදු දරුවෙක් සාමාන්‍ය පෙළ අසමත් නොවන අයුරින් සහ උසස් පෙළ ශ්‍රේණිවලදී තමන්ට අභිමත සහ කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට පියවර ගන්නා බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර, මෙවර උසස් පෙළට පෙනී සිටි 3,37000ක සිසුන් අතරින් සිසුන් 50,000කට ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය හා මාර්ගෝපදේශනය පිළිබඳ පුහුණුවක් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති අතර ලබන 05 වන දා සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 300ක මෙම පුහුණු වැඩසටහන පැවැත්වෙන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *