මේ දිනවල පවත්නා නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද(29) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50-60ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *