දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.

චෝදනා 18 කට ඇය වැරදිකරු බවයි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා කියා සිටියේ.

අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයෙකු රැකවලුන් යොදවා පැහැරගෙන ගොස් තිබූ අතර ඊට අනුබලදීමේ චෝදනාව යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට නීතිපතිවරයා විසින් චෝදනා ගෙනුකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *