කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර වී තිබූ මහා පරිමාණ ව්‍යාපෘති 171 ක් මේ වන විට යළි ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මින් ව්‍යාපෘති 58 ක් මේ වසර තුළ හා ලබන වසර තුළ අවසන් කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව පානීය ජලය, සෞඛ්‍ය හා අධ්‍යාපනය, මාර්ග වැනි ක්ෂේත්‍ර වලට අදාල ව්‍යාපෘති 58 ක් මෙලෙස මේ වසර තුළ අවසන් කිරීමට අපේක්ෂිතයි.

මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති 171ට මේ වසරේ අළුතින් සැකසූ විදේශ ප්‍රධාන ව්‍යාපෘති 02 ක්, විදේශ ණය ව්‍යාපෘති 03 ක්, දේශීය අරමුදල් වලින් ක්‍රියාත්මක ව්‍යාපෘති 03 වශයෙන් ව්‍යාපෘති 08 ක්ද ඇතුළත් වනවා.

මුදල් අමාත්‍යාංශ වාර්තා (Activate Window) අනුව එම ව්‍යාපෘති 08 ද ඇතුළත්ව ලබන වසරේ නිම කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති සංඛ්‍යාව 113කි.

කොවිඩ් වසංගත තත්ත්වය හා ඉන් පසුව එළැඹි දැඩි ආර්ථික අර්බුදයත් හේතුවෙන් මෙරට මහා පරිමාණ ව්‍යාපෘති රැසක් අතරමග නතර වූ අතර විදේශ ආධාර හා ණය මත ක්‍රියාත්මක ව්‍යාපෘති ද විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් වීමේන් පසු මෙම ව්‍යාපෘති යළි ආරම්භ කිරිමට පැවති ගැටලු විසඳා දීමට මැදිහත් වූ බවත් ඇමතිවරයා එම නිවේදනයේ සඳහන් කරනවා.

මේ වසර තුළ අවසන් කිරීමට නියමිත සියලුම සංවර්ධන ව්‍යාපෘති මෙම වසර තුළ ම අවසන් කිරීම රජයේ ඉලක්කය වනවා.

එමගින් ඉදිරි වසරවලදී යෝජිත නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉඩ ලැබෙන බව ඇමතිවරයාගේ අදහස වනවා.

”රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට පියවර අරන් තිබෙන බවට හොද සාක්ෂියක් තමයි මේ අතරමග නැවතුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම. රට නැවත සංවර්ධනයේ මාවතට ඇතුළත් වී තිබෙන බවට එය කදිම නිදසුනක්. විපක්ෂය මොන මොන අවලාද නැගුවත් වත්මන් ජනාධිපතිවරයා යටතේ රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.” යැයිද ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *