ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන විශේෂ නියෝජිත සමුළුවක් ඊයේ (01) ප.ව. 03.00 ට කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා.

එහිදී අදහස් දක්වමින් 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ,

”අපි මේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ මැතිවරණ 4ක සංවිධානයක් විදිහට.මේකින් පස්සේ අපි ජනාධිපතිවරයා තෝරලා,225ක් පාර්ලිමේන්තුවට තෝරන්න ,හාරසීය පනස් ගාණක් පළාත් සභාවට තෝරන්න ,8800ක් පළාත් ආයතනවලට තෝරන්න දසදහසකට ආසන්න අපේක්ෂකයෝ කණ්ඩායම දැන් ඉන්නේ අපි ළඟයි ඒකරාශී වෙලා කියන එක තමුන්නාන්සේලාට මතක් කරනවා.

මේ පාර්ලිමේන්තුවේ මේ දූෂිත කණ්ඩායම නෙරපලා දාලා පිරිසිදු පාර්ලිමේන්තුවක් මේ රටේ ජනතාවට උරුම කරලා දෙන්න තමයි අද මහා සංඝරත්නය ආගමික උතුමන්ලා මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ,වෙන මොකටවත් නෙවෙයි අපිට රටක් ,රටට හෙටක් දායාද කරන්නට

අපි අපේ අතීත උරුම ගැන ,අභිමානය ගැන කතාකරනවා,කෝ ඒ අභිමානය ?සමහර දේශපාලනඥයෝ පළමුවත් අපේ රට,දෙවනුවත් අපේ රට කියා කියා පපුවට ගහගත්තා .මහපොළොව ඉම්බා ,ඒ තරම් ආදරෙයි ඉම්බලා රට විනාශ කළා.අද මේ දුෂ්ට දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනි .අපේ රටේ පරිසරය අපි ආරක්ෂා කරගන්න ඕනි එක සහතිකයක් දෙනවා අපේ රටේ කිසිම සම්පතක් කිසිම විදේශිකයෙකුට ඇත තියන්න දෙන්නේ නැහැ කියන සහතිකේ මන් තමුන්නාන්සේලාට දෙනවා” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *