ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ.

“රට මේ ඉදිරියට යන ගමන ජනතා විමුක්ති පෙරමුණට මේ රට දෙනවද ? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කථා කරන සජිත්ට 22 වෙනිදාට මේ රට දෙනවද ? මේ කයිය නායකවරුන්ට රට දෙනවද ? රට වෙනුවෙන් තීන්දුවක් ගන්වද ? ඒ නිසා ඔබට ඇහුම්කං දීලා, රටට ඇහුම්කං දීලා මම ඔබේ මතයට හිස නමමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති කරනවන වැඩපිළිවෙළට මම ලෑස්ති වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *