ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් විය.

පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගය මෙරට වේලාවෙන් ඊයේ (04) රාත්‍රියේදී පැවති අතර, එහිදී නෝවා ලයිල්ස් තරගය අවසන් කිරීම සඳහා තත්පර 9.784ක කාලයක් වාර්තා කළේය.

එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලයද විය.

කෙසේ නමුත් මෙහි රිදී පදක්කම දිනාගත් ජැමෙයිකාවේ කිෂාන් තොම්සන්ද තත්පර 9.789ක කාලයක් වාර්තා කළ අතර, ඔහු හා ලයිල්ස් අතර වෙනස දැක්වූයේ  තත්පර 0.005ක් ලෙසිනි.

මේ අතර මෙහි ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේද අමෙරිකානු ක්‍රීඩකයෙකු වන ෆ්රෙඩ් කර්ලි විසින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *