රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා එම ආයතනයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ද ඇතුළුව සියලුම රාජ්‍ය ආයතන මඟින් නියාමනය කරනු ලබන මෙන්ම සංවර්ධනය කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කරුණු 04ක් මඟින් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව,

වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු හඳුනාගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කිරීම අනිවාර්ය කිරීම

විදේශීය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම

ආයතන අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය හා එම ආයතනවල හිමිකරුවන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලවල දේශීය සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකයද විදේශීය සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර අංකයද අනිවාර්ය කිරීම

අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ හුවමාරු කිරීමට හැකිවන අයුරින් දත්ත ප්‍රමිතිකරණය සිදුකිරීම

යන කරුණු 04 ඇතුළත් කොට ඉදිරිපත්කෙරුණු මෙම යෝජනාවලියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *