ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නම්කර සිටින කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ හෙට (15) එංගලන්තය බලා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 11 වනදා එංගලන්තය බලා පිටත් වූ අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාට එදින යාමට නොහැකි වුණා.

ඔවුන්ට ඒ වනවිට වීසා ලැබී නොතිබුණා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත අතර එහි පළමු තරගය අගෝස්තු 21 වනදා මැන්චෙස්ටර් හීදී ආරම්භ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *