ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මීට සුළු වේලාවකට පෙර තමන්ගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට සහතික වුණා.

ෆල්වර් රෝඩ් හි පිහිට ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අලි සහීර් මවුලානා මහතා මෙලෙස මෙවර ජනාධිපතිවරණයේදී සිය  සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එකඟ වුණා.

1988 වසරේ සිට සක්‍රීය දේශපාලනයේ යෙදෙන අලි සහීර් මවුලානා මහතා 1994 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *