විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට අද (16) පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තා.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා දළදා මාලිගාවට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව පිළිගනු ලැබීය. අනතුරුව දළදා සමිදුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා දළදා වහන්සේට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත්වල නිරත වුණා.

ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා ශ්‍රී මහා නාථ දේවාලයට, ශ්‍රී මහා විෂ්ණු දේවාලයට, ශ්‍රී මහා කතරගම දේවාලයට ගොස් ආශිර්වාද ලබාගත්තා.

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය, ගයන්ත කරුණාතිලක මහතා, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, සුජිව සේනසිංහ මහතා, හර්ෂණ රාජකරුණා මහතා, රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *