ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමට පවත්වන පළමු ජන රැලිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අනුර කුමාර දිසානායක මහතා අද සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේ වෙහෙර විහාරස්ථානවල අභිවෘද්ධිය සඳහා ඇති අරමුදල් විනාශ කළ පුද්ගලයින් ජාතික ජන බලවේගයේ සංස්කෘතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් සිටින බවයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ වැල්ලවත්තේ පිහිටි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය වෙත පැමිණ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව අනුර කුමාර දිසානායක මහතා බම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් කෝවිලට පැමිණ හින්දු ආගමික වතාවත්වල නිරතවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *