2024 ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන පළමු ජන රැලිය මේ වන විට අනුරාධපුර සල්දාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ කර තිබෙනවා.

මේ රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසකින් සහාය දැක්වීමට ඉදිරිපත්වුණු මැතිඇමතිවරුන් රැසක් එක්ව සිටිනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන අනුරාධපුරය වෙත පැමිණ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත්තා.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *