බංග්ලාදේශයේ වසා දැමුණු පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවැති උද්ඝෝෂණ සහ ගැටුම් හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල පසුගිය මස 17 වැනිදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණා.

මසකට අධික කාලයකින් පසුව බංග්ලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *