හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක් උසක සිට පැරෂුටයකින් බිමට පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සමත්ව තිබෙනවා.

34 හැවිරිදි ජෝෂුවා බ්‍රෙග්මන්, අඩි 18,753 ක් (මීටර් 5,716) උසින් පිහිටි කඳු මුදුනක සිට ලොව උස (ski-base jumping) පැනීම මෙසේ සිදු කර තිබෙනවා.

2019 දී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවන ලද මීටර 4,359 (අඩි 14,301) වාර්තාව ඔහු අභිබවා ගොස් තිබුණා.

ඔවුන්ගේ පළමු පැනීමේ ස්ථානයේ පාෂාණමය බෑවුමක් වූ අතර එම නිසා පළමු උත්සාහය අසාර්ථක වී තිබෙනවා.

පසුව ඔවුන් හැකි ඉක්මනින් නැවත සුදුසු ස්ථානයක් සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔවුන් මෙම අභියෝගය භාර ගෙන ඇත්තේ, පුණ්‍ය කටයුතු සඳහා මුදල් එකතු කිරීමට සහ සෑම වසරකම ළමුන් දහස් ගණනක් ජාවාරම් කරන නේපාලයේ මිනිස් ජාවාරම් ගැටලුව පිළිබඳව දැනුවත් කිරීමටයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *