අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (21) දහවල් වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක පවුල් 07 ක සාමාජිකයින් 29 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙලෙස බලපෑමට ලක්ව ඇන්නේ හික්කඩුව, නවලම, ඇල්පිටිය සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිරිසක්.

අද දහවල් වන විටන් ගිං ගඟේ ඉහල ජල පෝෂක ප්‍රදේශ වලට ඇදහැලන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නෙළුව, හිනිඳුම, නවලම ප්‍රදේශවල ගිං ගඟ අවට පහන් බිමිද යටවෙමින් පවතින බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ ධර්ම සිරි පැවසුවේ, ආපදාවට පත්ව සිටින පවුල් සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බවයි.

අද පෙරවරුවෙන් අවසන් වූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කය වැඩිම වර්ෂාපතනය නවලම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එහි අගය මිලිමීටර 157.2ක්

බද්දේගමට මිලිමීටර 153.2 වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

මේ අතර, පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නෙළුව තවලම, නාගොඩ නියාගම, වැලිවිටියේ දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම, බෝපේ, පෝද්දල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ගිංගග අවට පහත්බිම් වල ජනතාව ගිංගග ආශ්‍රිතව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග භාවිතා කරන රියදුරන් මහජනතාව පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *