ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසුවා.

රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව ද ඒ මහතා කියා සිටියා.

2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරගකළ කරුණාදාස මහතා මනාප 114,319ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *