මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජනවී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් අනාවරණය වී ඇත්තේ පසුගිය වසර මිලියන 166 තුළ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවයි.

ඒ වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයකිනි.

ඒ අනුව වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බව විද්‍යාඥයින් මත පළකරනවා.

ඒ අනුව මානවයාගේ නව ලිංගික ජානයක් පරිණාමය නොවුවහොත් වසර මිලියන ගණනක් තුළ මිනිසා වඳවී යාමේ අවදානමක් පවතින බව විද්‍යාඥ මතයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *