පාකිස්තානයේ නිරිත දිග ප්‍රදේශයේදි තුවක්කුකරුවන් පිරිසක් එල්ලකළ මාරාන්තික ප්‍රහාරයකින් පුද්ගලයින් 23දෙනෙකු මියගොස් තිබෙනවා.

තුවක්කුකරුවන් විසින් අධිවේගි මාර්ගයේ ගමන් කළ වාහන කිහිපයක් පරික්ෂාවට ලක් කර පසුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ මුසාහිල් ප්‍රදේශයේදි මෙම ඝාතනය සිදුව තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු ඝාතකයින් විසින් තවත් රථ වාහන දහයකට පමණ ගිනි තබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කැරලිකරුවන් විසින් බලුකිස්තාන් පළාතේම බෝලාන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් පුපුරවා හැරීමෙන් එම ප්‍රදේශයේ දුම්රිය ගමනාමනයටද බාධා එල්ලවූ බවයි විදෙස් මාධ්‍ය තව දුරටත් වාර්තා කරන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *