උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් එරට නිෂ්පාදිත නව ප්‍රහාරක ඩ්‍රෝන යානා අත්හදා බැලීමක් සිදුකළ තිබෙනවා.

එරට මාධ්‍ය අද ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූපවල දැක්වෙන්නේ X හැඩැති වලිග සහ පියාපත් සහිත සුදු ඩ්‍රෝන යානයක් දකුණු කොරියාවේ ” කේ-2 ” නම් ප්‍රධාන යුද ටැංකියට සමාන ඉලක්කයකට ප්‍රහාර එල්ලකරන ආකාරයයි.

දකුණු කොරියාවට පහර දීම ඉලක්ක කරගත් කෙටි දුර මිසයිල සහ බර කාලතුවක්කු පිළිබඳව උතුරු කොරියාව සිය යුධමය හැකියාවන් තව දුරටත් වැඩි දියුණු කරමින් සිටිනවා.

මේ අතර උතුරු කොරියානු තර්ජනයට එරෙහිව ආරක්ෂා වීම සඳහා එක්සත් ජනපදය සහ දකුණු කොරියානු හමුදා ඒකාබද්ධ යුධ අභ්‍යාසයන් පවත්වමින් ඉන්න කාලවකවානුවකයි උතුරු කොරියාව නව ඩ්‍රෝන යානා අත් හදා බැලීම සිදු කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *