මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා තිබෙනවා.

කන්දේ ලේකම්ලාගේ ගයාන් සුගතදාස නම් සැකකරු අංක 87 , සමරුගම, අවිස්සාවේල්ල ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවටයි පොලිසිය නිවේදනය කරන්නේ.

පසුගිය 16 වනදින ශ්‍රි පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදි ,ටි 56 ගිනි අවියකින් වෙඩි තබා අදාළ ඝාතනය සිදුකර තිබුණා.

සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් 071 8591181 සහ 025 2255062 යන දුරකථන අංක වලින් ශ්‍රිපුර පොලිසියට දැනුම්දෙන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *