ලොව වයස්ගතම පුද්ගලයා එංගලන්තයේ ජෝන් ටිනිස්වුඩ් බව වාර්තා වනවා.

ගිනස් වාර්තා අනුව ඔහුට එම ස්ථානය හිමිව ඇත්තේ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සඳහන් වූ ජුවාන් විසෙන්තේ පෙරේස් පසුගිය අප්‍රේල් මාසයේදී අභාවප්‍රාප්ත වූ බැවිනුයි.

මේ වනවිට එංගලන්තයේ සවුත්පොර්ට් ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත්වන ටිනිස්වුඩ් පවසන්නේ තමා දීර්ඝ කාලයක් ජීවත්වීම ට සුවිශේෂී රහසක් තමා නොදන්නා බවයි.

ඔහු 1912 අගෝස්තු මස 26 වනදා එංගලන්තයේ ලිවර්පූල් ප්‍රදේශයේදී උපත ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *