විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිට පවතින හිස් ගමන් බලපත්‍ර ප්‍රමණය සීමිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තුමේන්තුව පවසන්නේ.

නව ඉලෙක්ට්‍රොනික බලපත්‍ර සඳහා ජාත්‍යන්තර මිළ ගණන් කැඳවීම මඟින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහාවන ටෙන්ඩරය මේ වනවිටත් ලබා දී තිබෙනවා.

පවතින හිස් ගමන් බලපත්‍ර හිඟය සැලකිල්ලට ගනිමින් ඉලෙක්ට්‍රොනික් විදෙස් ගමන් බලපත්‍ර ඇනවුම් කළ සමාගමෙන්ම සාමන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50 000 ක් ඇනවුම් කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තුමේන්තුව පවසන්නේ.

කෙසේ වෙතත් එම බලපත්‍ර තොගය ලැබීමට ඔක්තොම්බර් මස අවසානය පමණ විය හැකි බැවින් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදෙස් ගමන් බලපත්‍ර සඳහා අයදුම්කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ආගමන විගමන දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *