බංග්ලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ දිස්ත්‍රික්ක 11ක් පසුගිය බදාදා දින සිට ගංවතුරින් යටව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර මිලියන 1.5 ක පමණ ජනතාවක් වාසය කරන ෆෙනී නගරයේ විශාල ප්‍රදේශයක් මේ වනවිට ගංවතුරින් යටව පවතිනවා.

ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ දුම්බූර් වේල්ලෙන් කිසිඳු දැනුම් දීමකින් තොරව ජලය මුදා හැරීම හේතුවෙන් තමන් මෙලෙස පීඩාවට පත්වූ බවටයි බංග්ලාදේශ වැසියන් චෝදනා කරන්නේ.

ඉන්දියාව තමන්ගෙන් පලිගැනීම සඳහා මෙලෙස කටයුතු කරන බවටයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් චෝදනා ප්‍රතික්ෂේප කරන ඉන්දියාව පවසන්නේ පැවති අධික වර්ෂාව හේතුවෙන් වේල්ල විවෘත්ත කිරීමට සිදු වූ බවට ඉන්දියාව පවසන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *