පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට (අශක්නුතාවය) පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

එලෙස රැගෙන යන සහායකයා වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ අයෙකු වියයුතු අතර ඔහු ඡන්ද අපෙක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයකු හෝඅ ඡන්දපොළ නියෝජිතයකු නොවිය යුතු බවටයි මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නිවේදනයෙහි දැක්වෙන්නේ.

යම් ඡන්ද දායකයෙක් සහායකයෙක් කැටුව යාම සඳහා ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතේ පස්වන උපලේඛන මගින් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්දපොළෙහි නිලධාරීන් ට ඉදිරිපත්කළ යුතුයි.

එම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ  www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වනවා.

එම ඉල්ලුම්පත සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත්කර සහතික කර අනතුරුව එය රජයේ වෛද්‍ය නිලධාරියෙක් මඟින්ද සහතික කර තිබිය යුතු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *