උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

හෙට දිනයේ [29] එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර 70-80 අතර වේගයක ඉතා තද සුළං සමඟ තද වැසි ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.

මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා හා නාවික යාත්‍රා කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *