විශේෂ සාකච්චාවක් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණය කිරීම සඳහායි.

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීම මඟින් පුරවැසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂාඨාධිකරණය මඟින් පසුගියදා තීන්දුවක් ලබා දුන්නා.

එහිදි ශ්‍රේෂාඨාධිකරණය නියෝග කළේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළයුතු බවටයි.

ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව රැස්වන බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *