පුත්තලම කරඹ ප්‍රදේශයේදි නීති විරෝධිව මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන ජංගම දුරකතන 650 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය සහා නාවික හමුදාව එක්ව පුත්තලම කරඹ ප්‍රදේශයේ මාර්ග බාධකයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි සැකකටයුතු බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් පරික්ෂාවට ලක් කිරීමේදි මෙම ජංගම දුරකතන තොගය සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් අදාළ සැකකරු කැකිරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *