නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට කලුවංචිකුඩි අධිකරණයට රැගෙන ආ රැඳවියෙකු අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගොස් තිබෙනවා.

එරාවුර් අධිකරණය විසින් සිව් වසරක සිරදඬුවමක් නියමකිරීමෙන් පසු මෙම රැඳවියා මඩකලපුව බන්ධනාගාරයේ රඳවා තිබුණා.

පොලීසිය පැවසුවේ අදාළ රැඳවියා වෙනත් නඩුවක් සඳහා කලුවංචිකුඩි අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

එම අවස්ථාවේදී ඔහු මෙලෙස පළාගොස් තිබෙනවා.

රැඳවියා කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි බාලසුන්දරම් ගෝපිනාත් නම් පුද්ගලයෙක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *