පිරිමි ළමුන් කිහිපදෙනෙකුට සිදුකරන ලද ලිංගික අතවර චෝදනාව සම්බන්ධයෙන් සැකකාර කතරගම ගෝතමීගම කනිටු විදුහලේ විදුහල්පතිවරයා එළඹෙන 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝගකර තිබෙනවා.

අදාල සැකකාර විදුහල්පතිවරයා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේ තවත් ළමුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු වාර්තා ගොනු කර තිබෙනවා.

ඒ අනුව සැකකරුට එරෙහිව ගොනු කර ඇති නඩු සංඛ්‍යාව 04 ක්.

මේ අතර අදාළ සිද්ධියට මුහුණ දුන් දරුවන්ට සිදුවන තර්ජන සම්බන්ධයෙන් සහ මේ සිදුවීම්වලට අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණ සිදුකළ යුතු බවයි ළමුන් වෙනුවෙන් පෙනීසිටින එක්සත් මානව හිමිකම් සංවිධානයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ ඉල්ලීම් සළකා බැලීම සඳහා ලබන 04 වනදා දක්වා සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර අදාළ පරීක්ෂණ කඩිනමින් සිදුකරන ලෙසද අධිකරණය කතරගම පොලීසියට නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *