අද අලුයම අත් අඩංගුවටගත් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් ඇප මත නිදහස් කර තිබෙනවා.

සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදි වැල්ලවත්ත පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන නිලධාරින් එක්ව අත් අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු මෙම වසරේ පෙබරවාරි මස 16 වැනි දින හැව්ලොක් ඉදිරිපිට සේවයේ නිරත වී සිටි පොලිස් විශේෂකාර්‍ය බලකායේ නිලධාරියෙකු සිය මෝටර් රථයෙන් අනතුරට ලක් කර මිනී මැරිමට තැත් කිරීමේ චෝදනාවට සහ රිය අනතුරක් සිදුකර පලායෑමේ චෝදනාව මත මෙලෙස අත් අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *