කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2013 වර්ෂයේ දී රජයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් සකස් කළ පත්වීම් ලිපි ලබා දී මෙම මුදල් වංචා සිදුකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකාරියට එරෙහිව තිබූ පැමිණිලි 26 කට අදාළව බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා තිබූ බවයි.

ඒ අනුව අධිකරණය මගින් වැරදිකරු කරන ලද වැරදිකාරිය අධිකරණය මගහරිමින් සිට තිබෙනවා.

මෙම සැකකාරියට අධිකරණයෙන් වරෙන්තු 26ක් ද නිකුත් කර තිබෙනවා.

බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ ආරච්චිකට්ටුව, නල්ලදරම්කට්ටුව ප්‍රදේශයේ දී මෙම සැකකරියව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පසුව සැකකරියට ඇප තැබූ තැනැත්තිය ද හලාවත නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 52 හා 30 යන වයස්වල පසුවන ගොනාගොල්ල, අම්පාර ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි පොලීසිය පවසන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *