වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෝන්වැල්ල කඳු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.

රාත්‍රි කාලය පුරාවටම ගින්න සීඝ්‍රයෙන් කඳු රක්ෂිතය පුරාවට පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවද වාර්තා වනවා.

කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක පළ කරන අතර පවතින වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබෙනවා.

මේ වනවිට ගින්න පාලන වී තිබෙනවා.

මේ අතර පෙරේදා [27] රාත්‍රියේ වැල්ලවාය නෙත්තමලුව රක්ෂිතයේ හටගත් ගින්නකින්ද රක්ෂිතයේ අක්කර විස්සකට ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *