සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (29) උදෑසන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ යි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ල්බ් වසන්ත පසුගිය ජූලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේ පසුගිය දිනකයි.

 

පොලීසිය පැවසුවේ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත අදාළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

සැකකරුවන් මේ වනවිට අතුරුගිරිය පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *