ජපානයේ ප්‍රධාන දූපත වන කියූෂු දූපතට ෂැන්ෂාන් සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනව.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ කුණාටුව හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයන් සහ නායයෑම් අනතුරු සිදුවිය හැකි බවයි.

ඒ හේතුවෙන් ආරක්ෂිතව සිටින ලෙස ජපාන කාලගුණ ඒජන්සිය තවදුරටත් ජනතාවට මතක් කරනව.

මේ වනවිට කියූෂු දූපතට විදුලිය විසන්ධී පවතිනවා.

මේ අතර ඔයිටා ප්‍රාන්තයේ නගර සඳහා ඉහළම ටයිෆූන් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බැවින්
ආරක්ෂිත පිළිවෙත් ක්‍රියාත්මක කරන ලෙසද බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *