ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දක්වමින් රාජ්‍ය සේවකයින්ට සහන රැසක් සැලසීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව 2025 පාදක වසර ලෙස සලකා සියලුම රාජ්‍ය සේවකයින්ට ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක් ගෙවීමට එමඟින් යෝජනා කර තිබෙනවා.

එහි තවදුරටත් දක්වා ඇත්තේ රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩිකර ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රු 55,000ක් ලෙසත් අනිකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගලපන බවයි.

*වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩි දියුණු කරලීමට ඉවහල්වන පාඨමාලා හැදෑරීම සඳහා පඩි සහිත නිවාඩු ලබාදීම.

* රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.

* කුසලතාව මත පදනම් වූ උසස් වීම් ක්‍රමවේද ඇති කිරීම.

* රාජ්‍ය සේවය කාර්යක්ෂම හා විධිමත් තලයකට ඔසවා තැබීමට ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකථන රාජ්‍ය සේවකයින්ට සහන පදනමින් ලබාදීම.

*රජයේ නව නිවාස වැඩ පිළිවෙලේ දී නිවාස හිමිකම් නොමැති රාජ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදීම.

*ආපදා ණය මුදල ඉහළ නැංවීමටත්, දේපළ හා නිවාස ණය යළි ලබාදීමට කටයුතු කිරීම.

* නිවසේ සිට රාජකාරී ඉටු කළ හැකි සේවාවන් නිවසේ සිට ඉටු කිරීමට අවසර ලබාදීම.

*නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දීම.

*විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම.

වැනි රාජ්‍ය සේවකයින්ට සහන සලසන කරුනු රැසක් එහි ඇතුලත් කර තිබෙනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරීශ්‍රයේ පැවැත්වුණා.

“රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව යටතේ ”පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *