පසුගිය වසර තුළ බන්ධනාගර ගතවූවන් අතරින් උපාධිධාරි රැඳවියන් වැඩි පිරිසක් සිටින බවට වාර්තා වනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක් උපුටා දක්වමින් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සංඛ්‍යාන විද්‍යාව අධ්‍යන අංශයේ මහාචාර්‍ය වසන්ත අතුකෝරාල මහතා මේ පිළිබඳව අනාවරණ කළා.

පසුගිය වසර තුළ බන්ධනාගාර ගතවූවන් අතර උපාධිධාරි රැඳවියන් 300ක් සිටින බවත් ,2023 වර්ෂයේ බන්ධනාගාර ගතවූවන් අතරින් වැඩි පිරිසක් 8 ශ්‍රේණිය සමත්වූවන් බවත් ඒ මහතා සඳහන් කළා.

මේ අතර පසුගිය වසර කිහිපය හා සැසඳිමේදි 2023 වර්ෂයේ බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ වැඩිවීමක්ද දක්නට ලැබෙන බවයි මහචාර්‍ය වසන්ත අතුකෝරාල මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *