කාන්තා ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

 

එම වාර්තාවල සඳහන් වන්නේ සමරවීර ට එරෙහිව “ක්‍රීඩිකාවකට බරපතළ විෂමාචාරයක්” සිදුකළ බවට චෝදනා එල්ලවී තිබුණා.

 

එය අතීතයේ සිදුවී ඇති සිද්ධියක් බවද සඳහන්.

 

1993 – 95 කාලසීමාවේදී සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කළා.

 

දැනට 52 හැවිරිදි වියේ පසුවන ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරනවා.

 

ඔහු වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *