එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයෙන් තමාව ඉවත් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසුවා.

තවමත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාව ඉවත් කළ බවට නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි ඒ මහතා පැවසුවේ.

තමන් මහලේඛම් ධූරයෙන් ඉවත් කළත් ඉවත් දිගටම එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *