මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 36552 කු වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වාර්තාවලට අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ පසුගිය ජනවාරි මාසය තුළයි.

එම සංඛ්‍යාව 10417 ක්.

මේ අතර ගතවු කාලය තුළ ඩෙංගු මරණ 17ක්ද වාර්තා වී තිබෙනවා.

අදින් අවසන්වන අගෝස්තු මාසය තුළ ඩෙංගු රෝගීන් 3807 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව පිළිවෙලින් 8978ක් සහ 4130 ක්.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් නිකුත් කළ නිවේදනයට අනුව බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 15120, උතුරු පළාතෙන් 4702ක්, මධ්‍යම පළාතෙන් 3698 ක්, වයඹ පළාතෙන් 2437 , දකුණු පළාතෙන් 2668 සහ සබරගමුව පළාතෙන් 3750 ක් ලෙස රෝගීන් වාර්තා වු බවයි සඳහන් වන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *