ජනාධිපතිවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමට වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අභිනවයෙන් පත්වන නව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සුදුසු මන්ත්‍රීවරුන් නොමැති බවට හැඟෙන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව පවතින බවයි.

එසේ වුවහොත් සති පහත් හතත් කාලය ඇතුලත නාම යෝජනා කැඳවා මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *