වහාම ක්‍රියාත්මක වන පරිදි එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් මීට පෙර බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය X සමාගමට නියෝග කළේ බ්‍රසීලයට නව නීතිමය නියෝජිතවරයෙකු පත්කරන ලෙසයි.

කෙසේ වුවද එම නියෝගය නියමිත කාලසීමාව තුළ සපුරාලීමට එක්ස් සමාගම අපොහොසත් වීම නිසා එරට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *