මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරඟකරන නිසාවෙන් එක් අපේක්ෂකයෙකුට ඡන්දයත් තවත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවන මනාපය සහ තුන්වන මනාපයත් ඡන්ද පත්‍රිකාවේ සලකුණු කිරීමේ හැකියාව ලැබෙනවා.

එසේ නොමැතිනම් සිය කැමත්ත පරිදි ඡන්දය පමණක් ලකුණු කිරීමටද හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ඡන්ද දායකයා විසින් ඡන්ද පත්‍රිකාවේ තමන් කැමති අපේක්ෂකයාගේ නම සහ සලකුණ ඉදිරියෙන් වෙන්කර ඇති කොටසෙහි 1 ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.

ඉන්පසු 2 සහ 3 යන ඉලක්කම් සලකුණු කිරීමෙන් තම දෙනව හා තුන්වන මනාප දැක්විය හැකියි.

යම් ඡන්ද දායකයකු විසින් සිය ඡන්ද පත්‍රිකාවේ දෙවන හා තුන්වන මනාප සලකුණු කර නොමැති වුවද එහි නිසියාකාරව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇත්නම් එය වලංගු ඡන්දයක් ලෙස පිළිගන්නා බවද මැතිවරන කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

මේ අතර ඔබේ ඡන්දය අවලංගු වන්නේ කෙසේද යන්න පිළිබඳවද මැතිවරන කොමිෂන් සභාව පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව ,

* කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැතිවිට
* එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇතිවිට
* එක් අපේක්ෂකයෙකුට 1 හා තවත් අපේක්ෂකයෙකුට කතිරය සලකුණු කර ඇතිවිට
* දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇතිවිට
* ඡන්දදායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇතිවිට
* 1 හැර වෙනත් සලකුණක් සමඟ 2,3 මනාප සලකුණු කර ඇතිවිට
* 1,2,3 ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට

යන කරුණුවලට අදාලව බලා ඔබගේ ඡන්දය අවලංගු ඡන්දයක් සේ සලකුණු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *