එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳි සිටින පුද්ගලයින් සඳහා මාස දෙකක පොදු සමාකාලයක් ලබා දී සිටිනවා.

ඒ අනුව වීසා නොමැතිව  රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා එළඹෙන සැප්තැම්බර් මස පළමු වනදා සිට ඔක්තෝම්බර් මස 31 දක්වා මාස දෙකක පොදු කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්‍යංශය පැවසුවෙ.

මෙම පොදු සමාකාලය තුළදි එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීති විරෝධි ලෙස රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සේවා ලබාදීම සඳහා කන්සියුලර් සේවාවන් සැපයීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය පවසනවා.

ඒ අනුව සාමන්‍ය කන්සියුලර් සේවා වලට අමතරව ඩුබායිහි පිහිටි ශ්‍රි ලංකා කන්සියුලර් කාර්යාලය සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 02.00 සිට පස්වරු 04.00 දක්වා විවෘතව තැබෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාලය පවසන්නේ.

එමෙන්ම අබුඩාබිහි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයද මෙම මාස දෙකක කාලය තුළ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 05.00 දක්වා විශේෂ උපදේශන සහය සේවා සඳහා විවෘතව පවතින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාලය සඳහන් කළේ.

මෙම පොදු සමා කාළය තුළ ශ්‍රී ලාංකිකයින් දහසකට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිනෙනු ඇතැයි බලාපොරොත්තුවන අතර තාවකාලික සංචාරක ලියවිලි ඉල්ලා සිටිනු ඇතැයිද බලාපොරොත්තුවන වනබව විදේශසේවා නියුක්ති කාර්යන්ශය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *