එළබෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව පැවසීය.

එහෙත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය නිල වශයෙන් එවන් තීරණයක් ගෙන නොමැති බවයි මාවෙයි සේනාධිරාජා මහතා වි සඳහන් කර සිටියේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි, ද්‍රවිඩ ජාතික සංවිධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සැලකෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *